, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: දඹදිව වන්දනා ණය

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

දඹදිව වන්දනා ණය

දඹදිව වන්දනාවට රිසි සාමාජිකයින් වෙත මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙහිදී
 දඹදිව වන්දනා නමින් ගිණුමක මුදල් තැන්පත් කර මාස 06ක් පැරණි වීම. ණය මුදලෙන් 10% ක් තැන්පත් වල තිබිය යුතුය.
 ණය ඉල්ලුම්කරන්නාට ස්ථිර ආදායම් මාර්ගයක් තිබිය යුතුය
 ණය ගෙවීම සම්බන්ධයෙන් පවුලේ වෙනත් අයෙකුගේ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
 රජයේ ලියාපදිංචි චාරිකා සංවිධාන ආයතනයකින් වන්දනාවට සහභාගී වන බව තහවුරු කර ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

මිහින් ලංකා විමසීම් සදහා  011 7800354, 011 7800355


විශ්‍රාමිකයන්ට දඹදිව වන්දනා කරන්න පහසු ගෙවීමේ ක්‍රමයට ණය මුදල්

මිහින් ලංකා ගුවන් සමාගම සහ ලෝටස් දඹදිව වන්දනා සමාගම එක්ව සෑම විශ්‍රාමික පුරවැසියකුටම දඹදිව වන්දනා කිරීමට සහනදායි පහසු ගෙවීම් මත අඩුම පොලී මත ණය මුදලක් ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇත.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි. දින අටක වන්දනා ගමනක් සඳහා රු.63000ක් ද දින 12ක වන්දනා ගමනක් සඳහා රු. 73,000ක මුදලක් අවශ්‍ය වේ. මිහින් ලංකා ආයතනය සහ ලෝටස් වන්දනා සමාගම හා එක්ව මේ මුදල වාරික වශයෙන් ගෙවීමට හැකි වන ආකාරයෙන් ණය මුදල ලබා දෙයි. මේ සහනය යටතේ ණය මුදලින් පළමු වාරිකය වන රු. 10,000ක මුදලක් ගෙවා ඕනෑම විශ්‍රාමිකයකුට දඹදිව වන්දනා සිහිනය සැබෑකරගත හැකිය. ණය මුදල වෙනුවෙන් ලෝටස් සමාගම ඇපකරු ලෙස පෙනී සිටී. ණය මුදල මාස 11 ක කාලයක් තුළ වාරික වශයෙන් විශ්‍රාමික වැටුපෙන් අඩුකර ගැනීමට කටයුතු කරනු ලබයි.

මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක