, දඹදිව වන්දනා දඹදිව වන්දනා - BUDDHIST PILGRIMAGE TOURS TO INDIA: දඹදිව වන්දනා චාරිකා සංවිධායකයෝ 2

ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස පමණ වන තෙක්‌ භාරතීය අධිරාජ්‍යයන්හි, දේශපාලන ප්‍රවණතා, යුද්ධ රාජ්‍ය මර්දනය මෙන්ම බාහිර ආක්‍රමණ, බෞද්ධ දර්ශනය මර්දනය සඳහා මැදිහත් වූ ආකාරය...

.

දඹදිව වන්දනා චාරිකා සංවිධායකයෝ 2

 සිතේ සතුටින් වන්දනා කර ඔබේ සිතේ පහන් සිතුවිළි ඇතිකර ගන්න. 

ඔබේ තෘප්තිමත් සංචාරයක සතුට, අපේ ජයග්‍රහණයයි.

අප හුදෙක් මුදල මත පම‍ණක් පදනම් නොවී සැදැහැවතුන්ගේ සුවපහසුව සහ සතුට පිරි තෘප්තිමත් වන්දනා චාරිකාවක් වෙනුවෙන් කැපවෙන අතර අප ඔබේ සතුට පිරි තෘප්තිමත් සංචාරයකින් පින් රැස් කරමු.

අපගේ සුවපහසු දඹදිව වන්දනා චාරිකා ගණන 3කි. 

ඉන් පළමු වන්දනා ගමන දින 8 කි. කිසිදු දුම්රිය ගමනක් නොමැතිව සංවිධානය කර ඇත. කොළඹ සිට ගුවනින් බුද්ධගයාවටත් ඉන්දියාව තුළ ගමනා ගමනයට TV, වායුපීඩන බැලුන් සහිත ඉතා සුවපහසු සුබෝපභෝගී වායුසමීකරණය කරන ලද නවීන බස් රථ සහිත සුවපහසු චාරිකාවකි. දින 8 ක් පුරා ඉන්දියාවේ ගත කරමින් කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට මෙම වන්දනාවේ දී කටයුතු සලසා ඇත. (ගුවන් ගාස්තු, විසා ගාස්තු ඇතුලු සම්පූර්ණ අය කිරීම රැ 75 000/=)

දෙවැන්න දින 12 ක දුම්රිය ගමන්ද සහිතව සංවිධානය කර ඇත. කොළඹ සිට චෙන්නායි දක්වා ගුවනින් ද එතැන් සිට බුද්ධගයාව දක්වා දුම්රියෙන්ද ඔබට ගමන් කල හැක. ඉන්දියාව තුළ සෙසු ගමනා ගමනයට TV, වායුපීඩන බැලුන් සහිත ඉතා සුවපහසු සුබෝපභෝගී වායුසමීකරණය කරන ලද නවීන බස් රථ සහිත චාරිකාවකි. දින 12 ක් පුරා ඉන්දියාවේ ගත කරමින් කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට මෙම වන්දනාවේ දී කටයුතු සලසා ඇත. (ගුවන් ගාස්තු, විසා ගාස්තු ඇතුලු සම්පූර්ණ අය කිරීම රැ 60 000/=)

තුන්වන වන්දනා චාරිකාව සඳහා දින 13 කි. කොළඹ සිට බුද්ධගයාවට හෝ බරණැසට ගුවනින් ගමන් කර ඉන් පසු ඉන්දියාව තුළ සෙසු ගමනා ගමනයට TV, වායුපීඩන බැලුන් සහිත ඉතා සුවපහසු සුබෝපභෝගී වායුසමීකරණය කරන ලද නවීන බස් රථ සහිතව ඉතා සුව පහසුවෙන් වන්දනා කළ හැකි වන්දනා චාරිකාවකි. තවද දින 13 ක් පුරා ඉන්දියාවේ ගත කරමින් කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට මෙම වන්දනාවේ දී කටයුතු සලසා ඇත. (ගුවන් ගාස්තු, විසා ගාස්තු ඇතුලු සම්පූර්ණ අය කිරීම රැ 85 000/=)

පහසුවෙන් දඹදිව වන්දනා කිරීමට නම් අධික රස්නය සහ සීතල නොමැති විය යුතුය. මේ නිසා ඔබගේ කැමැත්ත අනුව ඔබට පහසු හා සුදුසු කාලයක් වන්දනා ගමන සඳහා යොදාගත හැක.

ඔබ සීත දේශගුණයට අකමැති නම් මාර්තු, අගෝස්තු, සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාස වන්දනා ගමනට සුදුසු වන අතර පෙබරවාරි හා නොවැම්බර් මාසවල ඉන්දියාවේ දේශගුණය නුවර පේරාදෙණිය වැනි ප්‍රදේශවල පවතින සෞම්‍ය දේශගුණික කාලයකි. දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත දී නම් බණ්ඩාරවෙල වැනි සීත දේශගුණික තත්ත්වයකි.

ඔබ කොතරම් දුර බැහැරක හිටියත් අප අමතා ගමන් ආරම්භ කරන දින වකවානු වෙන්කරවාගෙන අප ආයතනයේ බැංකු ගිණුම් අංකයට ඔබේ ප‍්‍රදේශයේ පිහිටි අපගේ බැංකුව ශාකාව වෙත අත්තිකාරම් මුදල තැන්පත් කර වෙනකරගත් ආසනය තහවුරැ කරගන්න. ඉන් පසු අප ඇමතීමෙන් වන්දනාවට අවශ්‍ය සියලු උපදෙස් ඔබට අප වෙතින් ලබාගෙන වන්දනා ගමනට සූදානම් විය හැක.

ගමන් බලපත‍්‍රයක් සෑදීමට 
මේ සඳහා වයස අවු. 60 වැඩි දුර බැහැරක සිටින ඔබගේ දෙමාපියන් කොළඹට කැඳවන්නේ නැතිව ඔවුන් ජීවත්වන පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් නොමිලේ නිකුත් කරනා ගමන් බලපත් නිකුත් කිරීම සඳහා ඇති පෝරමය පුරවා අත්සන් කර අවශ්‍ය අනිකුත් ලියකියවිලි සමඟ අප ආයතනය වෙත එවීමෙන් කිසිදු අපහසුතාවයක් නොමැතිව ගමන් බලපත‍්‍ර වීසා ආදිය අප විසින් සකසා දෙනු ලබන්නේ කිසිදු අමතර මුදලක් අය කිරීමකින් තොරවය.

අපෙන් ඔබට
ඔබට ගුවන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය සහාය, ගුවන් ටිකට් පත, ඉන්දියා-නේපාල වීසා, සියළු සිද්ධස්ථාන වලට ප්‍රවේශ වීමේ ගාස්තු අප විසින් ගෙනනු ලැබේ. (අග‍්‍රා - ටජ්මහල් නැරඹීමේ ගාස්තු තමන් විසින් දැරිය යුතුය.) 20 kg ගෙනයා හැකි බෑගයක්, අතේ ගෙනයාහැකි බෑගයක් මෙන්ම ලක්ෂ දෙකාමාරක හදිසි අනතු රක්ෂණයක්ද ඔබට හිමිය.

මීට අමතරව ඔබට ඉන්දියාව තුළ දී ඔබගේ ගමන් මලු ඔසවා ගෙන යෑමෙන් කරදර විඳීමට සිදුවන්නේ නැත. ඔබගේ ගමන් මලු සහ උදෑසන තේ කෝප්පය ද ඔබේ කාමරයේ දොරටුව අසලටම ලැබෙන අතර සුළු අසනීපයක දී වෛද්‍ය පහසුකම් ද හදිසි අවශ්‍යතාවයන් වලදී ඒ පිළිබඳ සොයා බැලීමට ද අප සැළකිලිමත් වන බව දන්වන්නේ සතුටිනි. වන්දනාවේ දී ගමන් දුෂ්කරතා ඇතිවන අය වෙනුවෙන් විශේෂ පහසුකම් සඳහා ඔබගේ ඉල්ලීම මත කටයුතු පිළියෙල කර දෙනු ලැබේ.

ඉන්දියාව තුළදී...
ඉහත පහසුකම් වලට අමතරව ඉන්දියාවේ දී ඔබට නවාතැන් ගැනීමට යාබඳ නාන කාමර සහිතව උණුවතුර නෑමේ පහසුකම් ඇති කාමර ලබාදෙන අතර ඔබගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේදීම කාමරයකට දෙදෙනෙකු තිදෙනෙකු බැගින් වෙන්කරවා ගත හැක. මෙම කාලය පුරා ශී‍්‍ර ලාංකික ආකාරයට සකස් කළ ඉතා ප‍්‍රණීතව පිරිසිදුව පිලියෙළ කළ ආහාර සහ බිමට බෝතල් කළ පිරිසිදු ජලය සැපයෙන අතර ඉන්දියාව තුළ දී ඉන්දියන් කෑම ගැනීමෙන් ඇතිවන අපහසුතා වළක්වා ඇත.

බුද්ධගයාවේ දී කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංඝික දානය, බෝධි පූජා සඳහා සහභාගි වීමටත්,
සැවැත් නුවර ජේතවනාරාමයේ දී  සිල් සමාදන් වීම, සාංඝික දානය, සර්වඥ දාතුන් වහන්සේ සියැසින් දැක වැද පුදා හිස මත තබා ආශිර්වාද ලබා ගැනීමේ භාග්‍ය, රෝස මල් පූජාව, ආනන්ද බෝධීන් වහන්සේට සිදු කරන්නා වූ බෝධි පූජාව සහ සුවිශේෂී ආලෝක පූජාව ද මෙම වන්දනා ගමනේ දී ප‍්‍රමුඛස්ථානයක් ගනී. එසේම බුදුන් වහන්සේගේ උප්පත්තිෙයේ සිට පරිනිර්වාණය දක්වා වූ දිවි ගමනේ සුවිශේෂ ස්ථානයන් වන්දනා කිරීමට මෙහිදී ඔබට අවකාශ හිමිවනු ඇත. ගෞතම බුදුන් වහන්සේගේ උපත සිදුවූ ලුම්බිණිය, බුද්ධත්වයටපත් බුද්ධගයාව, මංගල ධර්ම දේශනාව සිදුකළ බරණැස ඉසිපතන මිගදාය හා මහා පිරිනිවන් මඟුල සිදුවූ කුසිනාරා නුවර ආදී සතර ස්ථාන ඇතුළුව සිද්ධස්ථාන රැසක් තම ඇස් දෙකින් ම දැක සැදැහැ සිතින් උපදවා වන්දනා කිරීමට අවස්ථාව ඔබට හිමිවේ. 

සෑම චාරිකාවක්ම සඳහාම සංවිධානයේ නිර්මාතෘ ප‍්‍රධාන සංවිධායක මහතා සහභාගිවන අතර සෑම සිද්ධස්ථානයක් පිළිබඳ වූ ඓතිහාසික හා බෞද්ධ වැදගත් තොරතුරු රැසක් සමඟ එම ස්ථානය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීම අපගේ චාරිකා වල විශේෂත්වය වේ. ඒ සඳහා උගත් පළපුරැදු විස්තර කථන සහායක මහතෙක්ගේ සහාය ඔබට ලැබේ.

අවසානයේ වන්දනාවක ගියත් ශී‍්‍ර ලංකාවේ සිටින ඔබේ දුවා දරුවනට තෑගි රැගෙන යාමට සාප්පු සවාරියක යාමටත් ඔබට ඉඩකඩ ලැබේ. මෙහි ලියැවුණු නොලියැවුණු ඔබට ඇති සියලුම ගැටලු අප සංචාරක ආයතනය සමඟ කතා කර නිරාකරණය කරගනිමින් වන්දනාවේ යෙදෙන්නට අප ඔබට උපකාර කරමු. අප සමඟ එක් වී අසම සම සේවාවක වෙනස අත් විඳින්න.

* ඉන්දියාව තුළ දී අප කිසිදු අමතර මුදලක් අය නොකෙරේ. ගෙවූ මුදලට ගිවිසගත් සියල්ල එලෙසම ඉටු කරනු ලැබේ.

ව්‍යාපාරයක් බවට පත් වී ඇති දඹදිව චාරිකා සංවිධානවල කූට ව්‍යාපාරිකයින් ගෙන් සැදැහැවත් බෞද්ධ ජනතාව මුලාවීමෙන් ආරක්ෂා කර නිවැරදි හා සාර්ථකව අප ගෞතම බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිදු වූ එම පුජනීය ස්ථාන බෞද්ධ ජනතාවට පහන් සංවේග උපදවා ගැනීම සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව ලබාදීම උදෙසා ලාභයට වඩා සේවයට උතුම් යන තේමාව ඔස්සේ  වන්දනා චාරිකාවකට ඉඩහසර සලසාලමු.

ඔබට අවශ්‍ය සියලුම තොරතුරු සහ

වැඩි විස්තර සඳහා අප අමතන්න



ශ්‍රද්ධා සිතින් යුතුව බුදුන්වහන්සේ උපන් දේශය දැකබලා වැඳපුදා ගන්නට ලැබෙන වාසනාවන්ත අවස්ථාව අප ඹබට වචනයේ පරිසමාර්ථයෙන්ම ඉහළම තත්ත්වයේ සේවාක් මඟින් සපයන්නෙමු. බෞද්ධයකුගේ දිවි ගමනේ අති උත්තරීතර පැතුමක් වූ දඹදිව වැද පුදා ගැනීමට, පෙරුම්පුරා යන ගමනට අත්වැලක් සපයමින් අපි ඔබේ තෘප්තිමත් සංචාරයක සතුට අපේ ජයග්‍රහණය ලෙස සලකමු.





බැති සිතින් කරමු වන්දනා - බුදුන් උපන් දේශයේ

වින්දනීය වන්දනාවක් සඳහා ඔබට මග පෙන්වන ලෝටස් සංචාරකයෝ


දඹදිව යාමට ශී‍්‍ර පාදය කරුණා කිරීමට මෙන් කාලයක් ඇත. අධික රස්නය සහ සීතල නොමැති විය යුතු අතර ඔබගේ රුචි අරුචිකම් අනුව ඔබ සීත දේශගුණයට අකමැති නම් මාර්තු අගෝස්තු සැප්තැම්බර්, ඔක්තෝම්බර් සුදුසු වන අතර පෙබරවාරි නොවැම්බර් කාලය නුවර පේරාදෙණිය වැනි සෞම්‍ය කාලයකි. දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත දී නම් බණ්ඩාරවෙල වැනිය.
මෙම උතුම් වන්දනාවට යාමට ඔබ මෙම ආයතනය තෝරා ගන්නේ නම් ඔබ කොතරම් දුර බැහැරක හිටියත් මෙම කාර්යාලය අමතා ආයතනයේ ගිණුම් අංකය ලබාගෙන ඔබ ප‍්‍රදේශයේ පිහිටි කොමර්ෂල් බැංකුව වෙත අත්තිකාරම් බැඳ ආසනයක් වෙනකර ගත හැක. ඉන් පසු ඔවුන් ඇමතීමෙන් වන්දනාවට අවශ්‍ය සියලු උපදෙස් ඔබට ඔවුන් වෙතින් ලැබෙනු ඇත.
ගමන් බලපත‍්‍රයක් සෑදීමට පවා දුර බැහැරක සිටින ඔබගේ දෙමාපියන් කොළඹට කැඳවන්නේ නොමැතිව ඔවුන් ජීවත්වන පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නොමිලේ නිකුත් කරනා ගමන් බලපත් නිකුත් කිරීම සඳහා ඇති පෝරමය පුරවා අත්සන් කර ලියකියවිලි සමග මෙම ආයතනය වෙත එවීමෙන් කිසිදු අපහසුතාවයක් නොමැතිව ගමන් බලපත‍්‍ර වීසා ආදිය ඔවුන් විසින් සකසා දෙනු ලබන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය.
මීට අමතරව නවාතැන් ගැනීමට යාබඳ නාන කාමර සහිතව උණුවතුර නෑමේ පහසුකම් ඇති කාමර ලබාදෙන අතර ඔබගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේදීම කාමරයක දෙදෙනෙකු තිදෙනෙකු බැගින් වෙන්කරවා ගත හැක. මෙම කාලය පුරා ශී‍්‍ර ලාංකික ආකාරයට ඉතා ප‍්‍රණීතව පිරිසිදුව ආයතනයේ කෝකිවරු විසින් පිලියෙළ කළ ආහාර, බිමට බෝතල් වතුර සැපයෙන අතර, කෑම පිසීමට අවශ්‍ය සියලු බඩු වර්ග කිරි පිටි වැනි දෑ අපගේ බැතිමතුන් වෙනුවෙන් ම ඔවුන් ශී‍්‍ර ලංකාවෙන් රැගෙන යාමෙන්, ඉන්දියාව තුළ දී ඉන්දියන් කෑම ගැනීමෙන් ඇතිවන අපහසුතා වළක්වා ඇත. එමෙන්නම ඉන්දියාව තුළ දී ඔබගේ ගමන් මලු ඔසවා ගෙන කරදර විදීමට ද ඔබට සිදුවන්නේ නැත.
ඔබගේ ගමන් මලු උදෑසන තේ කෝප්පය ද කාමරයේ දොරටුවටම ලැබෙන අතර අසනීපයක දී හදිසි අවශ්‍යතාවයන් වලදී ඒ පිළිබඳ සොයා බැලීමට වෙන් වෙන් වශයෙන් ලෝටස් සමාජිකයන් ඇති බව දන්වන්නේ සතුටිනි.
බුද්ධගයාවේ දී කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංඝික දානය, බෝධි පූජාව, සැවැත් නුවර දී ද සාංඝික දානය, සර්වඥ දාතුන් වහන්සේ සියැසින් දැක වැද පුදා හිස මත තබා ආශිර්වාද ලබා ගැනීමේ භාග්‍ය, ආනන්ද බෝධීන් වහන්සේ සිදු කරන්නා වූ බෝධි පූජාව සහ ආලෝක පූජාව ද මෙම වන්දනාවේ දී ප‍්‍රමුඛස්ථානයක් ගනී. වන්දනාවක ගියත් ශී‍්‍ර ලංකාවේ සිටින දුවා දරුවනට තෑගි ගෙන ඒමට සාප්පු යාමටත් ඔබට පුළුවන්.
මෙහි ලියැවුණු නොලියැවුණු ඔබට ඇති සියලුම ගැටලු ලෝටස් සංචාරක ආයතනය සමග කතා කර නිරාකරණය කරගනිමින් වන්දනාවේ යෙදෙන්නට ඔබට හැකි නම් සාර්ථක වන්දනාවක් කර ගැනීමට ඔබට හැකි වනු ඇත.
ඔබට අවශ්‍ය සියලුම තොරතුරු 
15 / බී, දේවාල පාර, (පාගොඩ), නුගේගොඩ 
යන ලිපිනයෙන් හෝ දුරකථන අංක 0112822076 න් හෝ 0714870757 න් ලබාගත හැක.
http://www.lotustourssrilanka.com
බෞද්ධයකුගේ දිවි ගමනේ අති උත්තරීතර පැතුමක් වූ දඹදිව වැද පුදා ගැනීමට, පෙරුම්පුරා යන ගමනට අත්වැලක් සැපයීමයි, ඔවුන්ගේ පැතුම.



ධර්මාවබෝධය පිණිස වූ වින්දනීය වන්දනාවක් සඳහා තුරිත චාරිකා සංවිධානය
පුරා වසර 15 ක් අඛණ්ඩව ශී‍්‍ර ලාංකික බෞද්ධ, සැදැහැවත් වන්දනා කරුවන්, චරිකා 65 ක් මගින් වන්දනා කරවා දිවයිනේ පළපුරුදු විශ්වාසනීය කාරුණික සුහදශීලි සංචාරක සමාගමකි. තුරිත චාරිකා සුඛෝපභෝගී වන්දනා චාරිකා පමණක් සංවිධානය කරන අතර මෙම සංවිධානය කොළඹ සිට නවදිල්ලිය දක්වා සෘජු ගුවන් ගමනකින් අමතරව දඹදිව සියලු සිද්ධස්ථාන කරා ගමන් කිරීමට සුඛෝපභෝගී බස් රථ පමණක් යොදා ගනී. නවාතැන් ඉහළ මධ්‍යම පන්තික හෝටල් වල අනුබද්ධ නාන කාමර සහිත කාමර පහසුකම් සමග දේශිය ක‍්‍රමයට සැකසු ආහාර, බීමට පිරිසිදු බෝතල් වතුර, වෛද්‍ය පහසුකම් සහිත සුඛෝපභෝගී චාරිකාවකි.
සෑම චාරිකාවක්ම තුරිත චාරික සංවිධානයේ නිර්මාතෘ ප‍්‍රධාන සංවිධායක ඒ. එස්. වනිගරත්න මහතා සහභාගිවන අතර සෑම සිද්ධස්ථානයක් පිළිබඳ වූ ෙඓතිහාසික හා බෞද්ධ වැදගත් තොරතුරු රැසක් සමග එම ස්ථානය පිළිබඳ නිවැරදි ධර්මාවබෝධයක් ලබා දීම ඔවුන්ගේ චාරිකා වල විශේෂත්වය වේ.
සිදුහත් කුමරුගේ උපත සිදු වූ ලුම්බිණිය, බුද්ධත්වය ලැබු බුද්ධගයාව, දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනා කළ බරණැස ඉසිපතනය, බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර ඇතුලු සුද්ධෝදන රජුගේ මාලිගාව (නිලවුර්කෝටි, නේපාලය) කපිල වස්තු - රාජගිරි ගිජ්ජකූටය, විශාලා මහනුවර, කොසබෑ නුවර, (උදේනි මාලිගාව) සංකස්ස පුරය ඇතුළු බුදුහිමියන්ගේ පහස ලද බෞද්ධ සිද්ධස්ථාන රාශියක් දැක බලා එම ස්ථානය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම තුළින් අංගසම්පූර්ණ චාරිකාවක ඔබට ලබා ගත හැක. වන්දනා පිරිස් වල පහසුව තකා අප විසින් චාරිකා වර්ග 03 ක් සංවිධානය කරනු ලැබේ.
*.දින 16 කට කොළඹ නවදිල්ලි හරහා ගොස් වන්දනා කර නැවත දිල්ලියේ සිට සෘජු ගුවන් මගින් ශී‍්‍ර ලංකාවට පැමිණීම. චාරිකාවට අය කිරිම රු. 73,000 කි. (ගුවන් ගාස්තු, විසා ගාස්තු ඇතුලු සම්පූර්ණ අය කිරීම)
*.දින 11 ක සුඛෝපභෝගී චාරිකාව කොළඹ සිට ගුවනින් ගයාව දක්වා ගොස් චාරිකා කොට අවසානයේ බරණැස සිට ගුවනින් ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණීම, අයකිරීම රු. 60,000 කි. (අග‍්‍රා - ටජ්මහල් මෙම සංචාර දෙකටම ඇතුළත් වන අතර ටජ්මහල් නැරඹීමේ ගාස්තු තමන් විසින් දැරිය යුතුය.)
*.දින 12 ක අතිසුඛෝපභෝගි චාරිකාව කොළඹ සිට ගුවනින් නවදිල්ලියට ගොස් තරුපහේ හෝටල් වල වායුසමීකරණය කරන ලද කාමර වල නවාතැන් පහසුකම්. වායුසමීකරණය කරනලද බස් රථවල ගමන් බිමන් සහ දේශීය හා ඉන්දීය ක‍්‍රමයට සැකසු ආහාර පාන. අය කිරීම රු. 90,000 කි. (අග‍්‍රා - ටජ්මහල් නැරඹීමේ ගාස්තු තමන් විසින් දැරිය යුතුය.)
මෙම සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහයෙන් දඹදිව සංකස්සපුර ඓතිහාසික මෙම පුදබිමේ 2009 වර්ෂයේ පැවැත්වෙන කඨින පූජා මහෝත්සවයට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලාංකේය බෞද්ධ සැදැහැවතුන් වෙත කාරුණිකව ආරාධනා කෙරේ..
ඕනෑම අවස්ථාවක මීට පෙර ඔවුන් සමග චාරිකා කළ අයගේ නාම ලේඛන, දුරකථන අංක සමග ඔබවෙත ලබාදෙමු. ඒ සෘජුවම මෙම සංවිධානය පිළිබඳ තත්ව සහතිකයක් ලබා ගැනීමට ඉඩකඩ ලැබෙන පරිදිය.
සියලු විමසීම් :
ප‍්‍රධාන සංවිධායක, එස්. ඒ. වනිගරත්න, 381/ඒ, පී‍්‍රතිපුර, කලල්ගොඩ, පන්නිපිටිය. දුරකථන 011 2 773016, 0775204385.
කාර්යාලය : 59/සී, කෙළින් වීදිය, බත්තරමුල්ල.
දුරකථන : 0114945821 / 011 4 250404
පරාක‍්‍රම පෙ‍්‍ර්මවර්ධන
දුරකථන : 011 2773776 / 0718 012224 / 0757 0200040

සිංහල බෞද්ධ දර්ශනය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීමට කැප වූ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය
සිංහලයා බෞද්ධයකු යැයි පැවසීමට පවා මැලි වූ, බෞද්ධකමට කුඩම්මාගේ සැලකිලි ලැබුණු, බෞද්ධයකු වීම නිසා තම අයිතිවාසිකම් පවා අභියෝගයට ලක් වූ යුගයක, සිංහල බෞද්ධයා වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට පැමිනි හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නායක ස්වාමින් වහන්සේ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ප‍්‍රභූවරුන් රාශියකගේ ඉමහත් කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස 1880 මැයි 17 වන දින කොළම පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය බිහිවිය.
එදා පටන් බෞද්ධයන් තුළ උදාසීනව පැවති බෞද්ධ දර්ශනය යළිත් පුබුදු වන්නටත් ඒ තුළින් රට ජාතිය ආගම පිළිබඳ හැඟීමක් සහිත නිර්භිත සිංහලයන් කොටසක් බිහිකරන්නට පරම විඥානාර්ථ සංගමය කළ සේවය ඉමහත්ය.
මෙම සංගමය සිංහල බෞද්ධ පාසල් ආරම්භ කිරීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය.
වර්තමානයේ දී කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ ගරු සභාපතිධුරය හොබවන එස්. ජී. වීරසේකර මහතා තම සංගමයේ අතීත මෙහෙවර එලෙසින්ම අනාගත පරපුරට දායාදකිරීම උදෙසා ඉමහත් මෙහෙවරක් ඉටුකරමින් සිටී.
බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වූ එම පුජනීය ස්ථාන බෞද්ධ ජනතාවට පහන් සංවේග උපදවා ගැනීම සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව ලබාදීම උදෙසා ලාභයට වඩා සේවයට උතුම් යන තේමාව ඔස්සේ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන දඹදිව චාරිකා වැඩටසහන, ලාංකීය බෞද්ධ ජනාතව අතර ඉමහත් ගෞරව ආදරයට පාත‍්‍ර වී ඇත්තේ එය හුදෙක්ම බෞද්ධ දර්ශනයට පදනම් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදැහැවතුන් ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන බැවිනි.
වර්තමාන සමාජයේ ව්‍යාපාරයක් බවට පත් වී ඇති දඹදිව චාරිකා සංවිධානවල කූට ව්‍යාපාරිකයින් ගෙන් මෙම බෞද්ධ ජනතාව මංමුලාවීම නවතාලීමටත් ඔවුන් දැනුවත් කර බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති දඹදිව වන්දනා චාරිකා සඳහා වන නීති රීති අකුරටම පිළිපදිමින් සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ දඹදිව චාරිකා වන්දනා සිහිනය සැබෑ ප‍්‍රතිඵලදායක යථාර්ථයක් බවට පත් කිරීමට කොළඹ බෞද්ධ පරම විඥානාර්ථ බෞද්ධ සංගමේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඇප කැප වී ඇත.
ශත වර්ෂයකටත් වඩා අත්දැකීම්වින් පරිපූර්ණ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය සංවිධානය කරන දඹදිව චාරිකා වන්දනා සඳහා සහභාගි වන බෞද්ධ පින්වතුන්ට තමන් යොදවන මුදලට උපරිම ප‍්‍රතිලාභයක් සහ සුරක්ෂිත වන්දනා චාරිකාවක් ලබා ගැනීමේ හැකියාව පවතින අතර, මෙතරම් සුවිශාල අත්දැකීම් සමූදායක් සහිත ශී‍්‍ර ලංකාව තුළ වන එකම ආයතනය කොළඹ පරම විඥානාර්ථ සංගමය බව පැවසීමට තවත් කරුණු අවශ්‍ය නැත. ඔබගේ දඹදිව වන්දනා චාරිකා සම්බන්ධ සියලු විස්තර දැන ගැනීම සඳහා පහත ලිපිනයට හෝ දුරකථන අංකයට අමතන්න.
කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය,
ඕල්කට්මාවත, කොළඹ 02.
දුරකථන 0112323085


පූර්ණ විශ්වාසය සහ අත්දැකීම්වලින් පිරිපුන් විමල් ට‍්‍රැවල්ස් වෙතින් ඔබේ දඹදිව චාරිකාව සාර්ථක කර ගන්න
වසර 17 කට වඩා පූර්ණ අත්දැකීම් සහිත වන්දනා චාරිකා 76 ක පමණ පළපුරුද්ද ඇති මාලබේ විමල් ට‍්‍රැවල්ස් ආයතනය බුද්ධ ශාසන ආමත්‍යාංශයේ නිසි පරිදි ලියාපදිංචි, ඒ අමාත්‍යාංශ නියමන්ට අනුකුලව කටයුතු කරමින් සුවහසක් බොදු ජනතාවට පහන් සංවේග උපදවා ගන්නට මග පෙන් වූ ආයතනයකි.
විමල් ට‍්‍රැවල්ස් හි අධිපති ශ‍්‍රාස්ත‍්‍රපති විමලරත්න කොහොඹන් මහතා සහ එම මැතිණිනය වන නයනා මුතුකුමාරණ යන අයගේ සෘජු අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක මෙම ආයතනය ශී‍්‍ර ලංකාවේ දඹදිව වන්දනා චාරිකා අතරින් ප‍්‍රමුඛතම ආයතනයක් වශයෙන් ජනතාභිෂේකය ලබා ඇති බව නොරහසකි.
විමලරත්න කොහොඹන් මහතා ශ‍්‍රාස්ත‍්‍රවේදී සහ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිධාරි ගුරුවරයෙක් ලෙසත් විදුහල්පතිවරයෙක් ලෙසත් සේවය කළ දැන උගත් පුද්ගලයෙකි.
බුදු දහම සහ ඉතිහාසය පිළිබඳ උපාධිධරයෙක් වූ ඒ මහතා බෞද්ධ දේශකයෙක් ද වේ.
මාලබේ විමල් ට‍්‍රැවල්ස් වෙතින් සෑම වර්ෂයකදීම අර්ධ සුඛෝපභෝගී දින 22 දීර්ඝ චාරිකාව (ගුවනින් මදුරාසියට ගොස් යාම) පෙබරවාරි මස සහ අගෝස්තු මාසයේදී ද අර්ධ සුඛෝපභෝගී කෙටි චාරිකා මාර්තු සැප්තැම්බර් යන මාසවලදී ද (ගුවනින් බුද්ධගයාවටම ගොස් වන්දනා ස්ථාන සඳහා යාම) යනු ලබන අතර මේවා දින 08 කට සීමා වූ චාරිකා වේ.
ඉහත සඳහන් කළ දඹදිව චාරිකා හැරුණු විට ඔවුන් වසරකට එක් චාරිකාව බැගින් චීන - ටිබෙට්, තායිලන්ත බුරුම, සිංගප්පූරුව, මැලේසියාව යන චාරිකාවන්හිදී නිරත වේ.
විමල් ට‍්‍රැවල්ස්, උපරිමයෙන් නවාතැන් පහසුකම් සලසා වඩාත් ප‍්‍රණිත ලෙසත්, පිරිසිදු ලෙසත් පිළියෙල කරන ලද ශී‍්‍ර ලාංකිය සහ ඉන්දියානු ආහාර පාන සපයා දෙමින් ඔබගේ සියලුම අවශ්‍යතාවයන් මනාව ඉටුකරන ආයතනයකි.
එක් චාරිකාවක් සඳහා වන්දනාකරුවන් 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් එක්කර ගන්නා අතර, ඒ සියලුම දෙනාගේම සුරක්ෂිත භාවය ඔවුන්ට එක සේ ලබා දීම උදෙසා ආරක්ෂාකාරි සැළසුම් කිහිපයක් ඔවුන් ගමන තුළ කි‍්‍රයාවට නංවයි. මෙම වන්දනා චාරිකා සඳහා සහභාගි වන්නන් අතර කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සහභාගි වන හෙයින් ඔවුන්ගේ සියලු අවශ්‍යතා රෝගී තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර ලබාදීම යන වගකීම සිය කර මතට ගනිමින් කි‍්‍රයාකරනු ලබන්නේ විමල් ට‍්‍රැවල්ස් අධිපතිතුමන්ගේ ආදරණීය බිරිඳ වූ නයනා මුතුකුමාරණ මහත්මිය විසිනි.
දින 22 කින් යුතු ගමනක් සඳහා අයකරනු ලබන මුදල රු. 61.000/= කි. ගමනට සහභාගි වන ඔබ අත්තිකාරම් මුදලක් වශයෙන් පළමුව රු. 5.000/= ගෙවා ඉතිරි මුදල ගමනට මාස 1 1/2 කට ප‍්‍රථම ගෙවා නිම කළ යුතුවේ.
දින 08 කින් යුත් බුද්ධගයා චාරිකාව රු. 68,000/= ක් වන අතර එය ද වන්දනීය ස්ථාන රැසක් ඔබට වැඳපුදා ගැනීමට හැකි ඕනෑම වයස් ගත කෙනෙකුට වුවද සුදුසු ලෙස සංවිධානය කර ඇති චාරිකාවකි. වෙනත් කිසිදු අමතර මුදලක් චාරිකාව තුළ දී නැවත ලබා නොගනී.
සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ චීන ටිබෙට් චාරිකාව සිදුකරන අතර යමක් වියදම් කළ හැකි කෙනෙකුට ඉතාම වටිනා ගමනකි.
සෑම දෙසැම්බරයේම පිටත් වන තායිලන්ත - බුරුම චාරිකාව ද අංගසම්පූර්ණ ගමනකි. ගමන් 24 ක් ගොස් ඇති පළපුරුද්ද ඒ සඳහා හේතු වී ඇත.
වැඩි විස්තර සඳහා
අංක 865/2, සුසිතපුර, මාලබේ යන ලිපිනයෙන් හෝ පහත දුරකථන අංක සමග හෝ සම්බන්ධ වන්න.
0112762039, 0114401332.


දඹදිව වන්දනා චාරිකා සඳහා විසි වසරක පළපුරුද්ද ඇති ශී‍්‍ර ජයවර්ධනපුර ට‍්‍රැවල්ස්
විශ්ව විද්‍යාල උපධිධරයකු විසින් මෙහෙයවන දඹදිව වන්දනා චාරිකා සංවිධානයක් ගැන ඔබ අසා ඇත්ද. බෞද්ධයින්ගේ දඹදිව වන්දනා චාරිකා සිහිනය විසිවසරක් පුරාවට සපල කළ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ගුණසේකර මැතිතුමා සිය අත්දැකීම් විස්තර කළේ මෙසේය.
ඔබ දඹදිව වන්දනා චාරිකාවක් සංවිධානය කිරීමට අදහස් කළේ ඇයි ?
මම උසස් අධ්‍යාපනයෙන් අනතුරුව විදෙස් සංචාර කිහිපයක නිරත වුණා. එයින් එකක් තමයි දඹදිව වන්දනා චාරිකාව. එහිදී මට අත් විදීමට සිදු වූ යම් යම් අමිහිරි දෑ අප රටේ අනෙකුත් වන්දනා කරුවන්ට අත්විදීමට ඉඩ නොතැබිය යුතු යැයි මම අදහස් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මම උපන් ගම කෝට්ටේ යන නමද සහිතව ඒකපුද්ගල ව්‍යාපාරයක් ලෙස මෙය ආරම්භ කළේ. පසුව ලක්වාසි ජනතාව අතර මෙය ක‍්‍රමයෙන් ප‍්‍රචලිත ව්‍යාපාරයක් බවට පත්වුනා. ඊට අමතරව අපගේ විදෙස් සංචාරක සංවිධාන කටයුතු දඹදිවට සීමා නොවී බුරුමය, නේපාලය, සිංගප්පුරුව ඇතුලු රටවල් 15 ක් දක්වා ව්‍යාප්ත කළා. එහිදී ජනතාවට වැඩි සේවාවක් ලබා දීම සඳහා 2001 වසරේ දී මෙය පුද්ගලික සමාගමක් බවට පත් කරමේ වන විට සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් අප ආයතනයේ සේවය කරනවා.
දඹදිව වන්දනා චාරිකා සංවිධාන අනිවාර්යයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුද ?
ඇත්තෙන්ම ඔව්, දැනට විදෙස් චාරිකා සංවිධාන ආයතන 150 ක් පමණ ලියාපදිංචි සිටිනවා. එම ලියාපදිංචි ආයතන 150 ඇතුළත් සංගමයේ ප‍්‍රධාන සංවිධායක ලෙස මම කටයුතු කරනවා. බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි නැති ආයතන රාශියක් තිබෙනවා කියලා අපට ආරංචි තිබෙනවා. ඉතින් විදෙස් වන්දනා චාරිකා සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන සැදැහැවතුන්ට මම කියන්න කැමතියි. ඔබ ආයතනයක් තෝරා ගැනීමට ප‍්‍රථමයෙන් එය බුද්ධහාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි ද කියා සොයා බලන්න. එහෙම නොකළ අවස්ථා රාශියක දී ජනතාව මංමුලා අවස්ථා රාශියකට උදාහරණ තියෙනවා.
මොකද වන්දනා කරුවන් වන්දනා ගමන ආරම්භයේ සිට නැවත ආපසු මෙරටට පැමිණෙන තෙක් ඔවුනගේ ආරක්ෂාව රැකවරණය සෞඛ්‍ය, ආහාර පාන ඇතුලු සියලුම කටයුතු වගකීමෙන් ඉටුකිරීමට අදාළ ආයතනය බැදී සිටිනවා. .ඔවුන් දෙනවා යැයි කියනු ලබන සියලුම පහසුකම් ලිඛිතව සකසන්නේ ද යන වග සොයා බැලීමත් වැදගත්. .
දඹදව වන්දනා චාරිකා සංවිධානය කිරීම ව්‍යාපාරයක් ද?
ඒ ප‍්‍රශ්නයට සෘජු පිළිතුරු නම් ඔව් කියන එක. මොකද සෑම සංවිධානයක් ම පවතින්නේ මුදල් අවශ්‍යතාවයට. ඔවුන් යම් ලාභයක් අපේක්ෂා කරනවා. ඒක තමයි ඇත්ත. වන්දනා කරුවාට උපරිම මෙහෙයක් ඉටුකර යහපත් චාරිකාවක් ලබා දී යම් ලාභයක් උපයා ගත්තාට එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ.
සමහර සංවිධාන ලංකාවේ දී එක මුදලකුත්, පිටරටක දී තව මුදලකුත් අරවට මේවට කියලා එකතු කරනවා. ?
ඒක නීති විරෝධි කි‍්‍රයාවක්. කොටින්ම සංවිධායකවරයා වගකීමෙන් සංචාරය සහ ගමන් මාර්ගය වන්දනා කරන ස්ථාන, ලබා දෙන කෑම බීම, වෛද්‍ය පහසුකම් සහ සෙසු පහසුකම් පිළිබඳවත්, ආක්ෂාව පිළිබඳවත් ලිඛිත ප‍්‍රකාශයක් වන්දනා කරුවාට ලබා දිය යුතු අතර එහි අදාළ චාරිකාවට සම්බන්ධ ගාස්තුව ද දැක්විය යුතුයි. ඊට පරිභාහිරව සතපහක්වත් විදෙස් රටවලදී එකතු නොකළ යුතුයි.




ටෙම්පල්ස් ටවුන් සංචාරකයන් සමඟ දඹදිව යමු 

සැදැහැවත් බෞද්ධයකු වශයෙන් වරක් හෝ බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ඔබත් පෙරුම්පුරන්නේද? මෙතෙක් කල් සිහිනයක් වූ එය සඵල කර ගැනීමට දැන් ඔබට මහඟු අවස්ථාවක් හිමිව ඇත. ඒ අසිරිමත් දඹදිව වන්දනාවට ටෙම්පල්ස් ටවුන් සංචාරකයෙක් ලෙස එක් වෙමිනි. බුදුන් වහන්සේගේ උප්පත්තිය, සිට පරිනිර්වාණය දක්වා වූ දිවි ගමනේ සුවිශේෂ ස්ථානයන් වන්දනා කිරීමට මෙහිදී ඔබට අවකාශ හිමිවනු ඇත. ගෞතම බුදුන් වහන්සේගේ උපත සිදුවූ ලුම්බිණිය, බුද්ධරාජ්‍ය දිනාගත් බුද්ධගයාව, මංගල ධර්ම දේශනාව සිදුකළ බරණැස ඉසිපතන මිගදාය හා මහා පිරිනිවන් මඟුල සිදුවූ කුසිනාරා නුවර ආදී සතර ස්ථාන ඇතුළුව සිද්ධස්ථාන රැසක් තම ඇස් දෙකින් දැක සැදැහැ සිතින් වන්දනා කිරීමට අවස්ථාව ඔබට හිමිවේ. ටෙම්පල්ස් ටවුන් සංචාරකයන් ඔබට සලසන සේවාවන් අතර, කොළඹ, වරණාසි, බුද්ධගයා ගුවනින්. වරණාසි සිට මුළු වන්දනාවම වායුසමීකරණ කරන ලද නවීන බස් රථයෙන්. සියලුම ආහාර පාන ශ්‍රී ලංකා ක්‍රමයටම, ශ්‍රී ලාංකික සූපවේදීන් අතින් හා පානීය බෝතල් මගින්. නාන කාමර සහිත හෝටල් කාමර නවාතැන් පහසුකම්. වෛද්‍ය පහසුකම් නොමිලේ. ගුවන් බලපත්‍රය, ගුවන් ටිකට් පත, ඉන්දියා-නේපාල වීසා, සිද්ධස්ථානවලට ඇතුළුවීමේ ගාස්තු නොමිලයේ. ඔබ සහභාගි වූ වන්දනාවේ විශේෂ අවස්ථා අඩංගු වීඩියෝ තැටිය නොමිලයේ. රැගෙන යෑමට 25kg හා 7g බෑග් 2 නොමිලයේ. ඔබේ දිවියේ දුලබ අත්දැකීම වන දඹදිව වන්දනාව තුළ පුණ්‍ය කටයුතු සඳහා විශේෂ වැඩසටහන්ද ඔවුන් විසින් සංවිධාන කරනු ලබයි. එනම් බුද්ධගයා පුණ්‍ය භූමියේදී සීල සමාදානය, අටපිරිකර පූජාව, සාංඝික මහා දානය බුද්ධගයාව තුළ දින 3ක් ගත කිරීම හා අවට වන්දනාව සැවැත්නුවර ජේතවනාරාමයේ ආලෝක පූජාව, සාංඝික මහා දානය හා අටපිරිකර පූජාව ඒ අතර වේ. මෙම සංචාරය ඔබට දින 12 ගත වන අතර එක් අයකුගෙන් රු. 74,000 පමණ මුදලක් අය කරනු ලැබේ. මුළු ගමන පුරාවටම ඔබේ ආරක්‍ෂාව හා පහසුකම් පිළිබඳ අපගේ සේවක මඩුල්ල දැඩි කැපවීමෙන් කටයුතු කරයි.

ඔබට ටෙම්පල්ස් ටවුන් සංචාරකයන් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්
අමතන්න. 0113025225, 0774059475, 0723461102
E-mail: templestown@yahoo.com
ලිපිනය - ටෙම්පල් ටවුන් සංචාරකයෝ, 187, කටුවාවල හන්දිය, බොරලැස්ගමුව.
ශාලිකා සමරදිවාකර.





yathra


බුදුසරණ දඹදිව වන්දනා චාරිකා

බුදුසරණ දඹදිව වන්දනා චාරිකාව පැවැත්වෙන දිනයන් මෙසේ ය.
දින අටේ (8) චාරිකාවන් 2013 අගෝස්තු 06, ඔක්තෝම්බර් 02, දින දහහතර (14) චාරිකාවන් 2013 අගෝස්තු 16, සැප්තැම්බර් 10, ඔක්තෝම්බර් 12, නොවැම්බර් 01, බුරුම, තායිලන්ත චාරිකා (දින 10) 2013 ජූනි 08, ජූලි 05.

වැඩි විස්තර 011 4591150, 077 3265886, 071 4932934 දුරකථන අංකයන්ගෙන් විමසිය හැකි ය.







සමස්ත ලංකා‍ බෞද්ධ මහා සම්මේලනය

දඹදිව චාරිකා අංශය

දුරකථන - 
+94 112 665 047 / +94 112 665 048, +94 772 855 488, 
+94 718 645 554

  විද්‍යුත් තැපෑල - travel@acbc.lk ,
  ෆැක්ස් -  +94 112665047